සේවා වනිතා පුවත්

09 Dec 2015

ශ්‍රීලංනානෞ ශිල්ප සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2015 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.

More

08 Dec 2015

නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය අති උත්කර්ශවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැලිසර, ත්‍රිකුණාමළය හා ගාල්ල ප්‍රදේශයන් හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පෙරපාසල් ත්‍රිත්වයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2015 දෙසැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය සහභාගී විය.

More

12 Nov 2015

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කමිටු රැස්වීම නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී පැවැත්විණි

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2015 නොවැම්බර් මස 11 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කමිටු රැස්වීමක් පැවැත්විණි.

More

29 Oct 2015

නාවික පෙ‍රපාසලේ දරු දැරියන් ලෝගෝස් හෝප් නෞකාවේ චාරිකාවක නිරතවෙයි

ශ්‍රී ලංකා නාවික ‍නෞකා ගැමුණු ආයතනයේ නාවික පෙරපා‍සලේ දරු දැරියන් 2015 ඔක්තෝබර් මස 28 වන දින කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ලොව විශාලතම පොත් නෞකාව වන ලෝගෝස් හෝප් නෞකාවේ චාරිකාවක නිරතවිය.

More

02 Oct 2015

නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර ළමා දිනය සමරයි

ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී 2015 ඔක්තෝබර් මස 01 වන දින පවත්වන ලදී.

More

02 Oct 2015

නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරයි

ලෝක වැඩිහිටි දිනය සමරනුවස් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ විවාහක නිවාස වල වෙසෙන නාවික පවුල්වල වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 01 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කරන ලදී. නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

More

10 Sep 2015

නාවික හමුදා සේවා වනිතා ඒකකය පිළිකා රෝගී දරුවන්ගේ සුවදුක් සොයා බලයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදුකරනු ලබන තවත් එක් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස, මහරගම පිළිකා රෝහලේ වාට්ටු අංක 16 හි නේවාසිකව ප්‍රතිකාර ලබන වයස අවුරුදු 12ට අඩු දරුවන් 25 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදීම සේවා වනිතා ඒකකයේ සභාපතිනී, යමුනා වි‍ජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 08 වන දින මහරගම පිළිකා රෝහලේදී පැවැත්විණි.

More

09 Sep 2015

සේවා වනිතා සභාපතිනිය ත්‍රිකුණාමළය නාවික පෙ‍රපාසලේ නිරීක්ෂණ චාරිකාවක

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන් කටයුතු කරන යමුනා විජේගුණරත්න මහත්මිය සැප්තැම්බර් මස 06 වන දින ත්‍රිකුණාමළය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පිහිටි නාවික පෙරපාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

More

02 Aug 2015

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හමුවේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය යමුනා විජේගුණරත්න මහත්මිය ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එස් බස්නායක මහත්මිය 2015 ජූලි මස 30 වන දින හමුවිය.

More

02 Aug 2015

සේවා වනිතා සාමාජිකාවෝ නව සභාපතිනිය පිළිගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ 12 වන සභාපතිනිය වන යමුනා විජේගුණරත්න මහත්මිය පිළිගැනීමේ උත්සවයක් නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවාසයේදී ජූලි මස 24 වන දින පැවැත්වුණු අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රණසිංහ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා රණසිංහ මහත්මිය විසින් ඇය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

More
Archives