සේවා වනිතා පුවත්

31 Dec 2015

සේවා වනිතාවෝ මුල්ලේරියාව වාට්ටු අංක 07හි රෝගීන් හා එක්ව නත්තල සමරයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහි සාමාජිකාවන් මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 7හි ප්‍රතිකාර ලබන රෝගීන් හා එක්ව ඊයේ (30) නත්තල් උත්සවය සමරනු ලැබීය.

More

09 Dec 2015

ශ්‍රීලංනානෞ ශිල්ප සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2015 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.

More

08 Dec 2015

නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය අති උත්කර්ශවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැලිසර, ත්‍රිකුණාමළය හා ගාල්ල ප්‍රදේශයන් හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පෙරපාසල් ත්‍රිත්වයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2015 දෙසැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය සහභාගී විය.

More
Archives